අම්බලන්ගොඩ, කහව දුම්රිපොළ අසල ගල්දූව පුරාණ රජමහා විහාරස්ථානයට හැරෙන හරස් මාර්ගයේදී අද (06දා) පෙරවරුවේ මාතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කහව, අකුරල, තෙල්වත්ත පදිංචි සන්ද්රා මරක්කල රොහාන් (අවු.47) නමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.