මේ වසරේ ගෙවීගිය කාලය තුළ දුම්රියෙහි ගැටීම නිසා පුද්ගලයන් 233 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ඊයේ (28දා) දිනයෙන් අවසන් වූ පැය 24 තුළ දුම්රිය දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් දුම්රිය මාර්ගය හරහා ධාවනය කළ රථවාහන හා ගමන් කළ පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය ගේට්ටු වසා තිබියදී සහ මාර්ගය හරහා ගමන් නොකරන ලෙසට සංඥා දල්වා තිබියදී දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේ චෝදනාව මත මෙම පිරිස් අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව දුම්රිය මාර්ගය තුළ ගමන් කිරීම සපුරා තහනම් බවත්, දුම්රිය නීතිරීති උල්ලංඝනය කරමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන සියලු දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් කී හෙතෙමඅත්අඩංගුවට ගන්නා පිරිස් අධිකරණයට ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.