මෙවර "ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරොධී දිනය සඳහා වූ අග්නිදිග ආසියානු කලාපීය ගෝලීය සම්මානය” ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියට හිමිව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතර දුම්කොළ පාලනය කිරීමේ ජාතික වැඩසටහන්වල අරමුණු සාක්ෂාත් කර ගැනිම වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.
දුම්කොළ හා මධ්‍යසාරවලින් සිදුවන හානි තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා පවතින රජයට උපදෙස් ලබාදීම සඳහා 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත මගින් 2007 වසරේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ස්ථාපිත කරන ලදී.
දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන මගින් සිදුවන සෞඛ්‍යමය, සාමාජයිය හා ආර්ථීකමය ව්‍යවසනයන්ගෙන් වැඩිහිටියන් හා ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අධිකාරියෙහී මුලික පරමාර්ථය වේ.