අපවත්වි වදාළ දිඝවාපී පුරාණ රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත නා හිමියන්ගේ අවසන් කටයුතු බ්රහස්පතින්දා (16දා) සවස 2.00 ට දිඝවාපිය පුරාණ රජමහාවිහාරයේදි සිදු කිරිමට ආදාහන කමිටුව තිරණය කර ඇත.
ඒ අනුව උන්වහන්සේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එදින සවස 2.00 පැවැත්වෙන බැවින් ගිහි පැවිදි සියලු දෙනාටම මෙම අවස්ථාවට සහභාගි වෙන ලෙසට විහාරවාසි මහඔය සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි.