ලංකා ධීවර සංස්ථාවට මහා භාණ්ඩාගාරයෙන් යැපීමට සිදුවූයේ රාජපක්ෂ පාලන සමයේදී සංස්ථාවට ඔරොත්තු නොදෙන ලෙස සේවකයන් බඳවා ගැනීම සහ සංස්ථාව තුළ සිදුකළ මහා පරිමාණ වංචා දූෂණ හේතුවෙන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
1964 වසරේදී ආරම්භ කළ ලංකා ධීවර සංස්ථාව තුළින් රට මැද ප්‍ර‘දේශවල ජනතාවටද ගුණාත්මක බවින් ඉහළ මුහුදු මාළු සාධාරණ මුදලකට ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මේ වනවිට සංස්ථාව මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමට සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.