අවමඟුල් උත්සවයක් සඳහා අනුරාධපුර, මරදන්කඩවල ප්රදේශයට පැමිණි කාන්තාවක් සහ ඇයගේ කුඩා දරුවෙකු ඊයේ (25දා) රාත්රී එම ප්රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැකිරාව පොලීසිය සඳහන් කර සිටියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක් සහ කුඩා දරුවෙකු වන අතර, අවමඟුල් ගෙදරට යාබද නිවසේ රාත්රී ආහාර ගෙන නැවත පැමිණෙන අතරතුර එම කාන්තාව සහ ඇයගේ කුඩා දරුවන් දෙදෙනා මෙසේ වගා ළිඳකට වැටී ඇති අතර, එහිදී වැඩිමහල් දරුවා දරුවා ළිඳ තුළ තිබූ බටයක එල්ලී දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධියෙන් දිවි බේරාගත් දරුවා ළිඳ තුළ කෑ ගසන ශබ්දය ඇසී ප්රදේශවාසී තරුණයන් පැමිණ මොවුන් තිදෙනා ගොඩට ගෙන රෝහල්ගත කර තිබුණු අතර, කුඩා දරුවා සහ කාන්තාව රෝහල්ගත කරන විටත් මියගොස් තිබිණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ, මඩවල පදිංචිව සිටි කාන්තාවක් වන එල්.ප්රභා කුමාරි (32) කාන්තාව හා ඇයගේ බාල දරුවා වන ඩී. සංජීව දම්සර (6)දරුවාය.
සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
එප්පාවල තිසර සමල් / අනුරාධපුර බී.ජී. චතුරංග