දින තුනක් ඇතුළත කොළඹ නගරයේ ගොඩගැසී තිබූ කුණු ටොන් 3,000කට අධික ප්‍රමාණයක් ඉවත් කළ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කොළඹ නගරයේ දිනකට එකතුවන කුණු ටොන් 700 අතුරින් මේවනවිට කුණු ටොන් 400 ක් පමණ විධිමත් ලෙස වෙන්කර බැහැර කරන බවත්, ඉතා ඉක්මනින් ඉතිරි ප්‍රමාණයද විධිමත් ලෙස වෙන්කළ කසළ ලෙස බැහැර කිරීමට යොමුකරවන බවත් අමාත්‍යවරයා කීවේය.
කොළඹ නගර සීමාව තුළ පමණක් කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට තමාට බලය ලැබී ඇති බවත් කොළඹ නගර සීමාව තුළ කසළ බැහැර කරන රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ කවරෙකු වුවද නිසිපරිදි කටයුතු නොකරන්නේනම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියමිත වේලාවට කසළ ඉවත් නොකරන්නේනම් රුපියල් 10,000 ක දඩයක්ද,කසළ ඉවත් කිරීමේ වගකීම පැවරී ඇති යම් රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක් අසත්‍ය ප්‍රකාශ කරන්නේනම් රුපියල් ලක්ෂයක 100,000 ක දඩයක්ද අයකරන බවද අමත්‍යවරයා පැවසීය.