මාලඹේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පසුගිය 13 දා මෙම ද්විත්ව ඝාතනය සිදුවූ අතර එම ඝාතනයට යොදාගත් ටී -56 ගිනි අවිය හා උණ්ඩ 8ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
29 හා 37 වැනි වියේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් කඩුවෙල පදිංචිකරුවෝ වෙති. දිගින් දිගටම පවතින පාතාල කල්ලි ගැටුමක් මෙම ඝාතන සඳහා හේතුවී තිබේ.