අස්ගිරි පාර්ශ්වය මගින් පසුගිය වසර තුළ ශ්රී දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කෙරෙන්නාවූ තේවා කටයුතු සිදුකිරීමේ වගකීම ඉදිරි වර්ෂය සඳහා මල්වතු පාර්ශ්වයට පැවරීම පෞරාණික චාරිත්රානුකූලව ඊයේ (09දා) ශ්රී දළදා මාලිගාවේදී සිදුකෙරණි.
මෙම තේවා මාරුව පෞරාණික චාරිත්රානුකූලව සිදුකරනු ලබන අතර වර්ෂයක් පාසා මල්වතු අස්ගිරි උභය මහ විහාර අතර මාරුවීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කරනු ලබයි. මේ අනුව ශ්රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා නායක හිමිනමක් සමග හිමිවරු සිව් නමක් මල්වතු මහනාහිමියන් විසින් පත්කරනු ලබන අතර උන්වහන්සේලා දළදා මාලිගාවේ වැඩවාසය කරමින් වසරක කාලයක් පුරා තේවා කටයුතු සිදුකරති.