පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් විපතට පත් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දීතිබේ
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන පිලිබඳ අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බව ජනපති මාධ්‍ය ඒකකය පැවසීය.
වර්තමානයේ දරුවන් මුහුණදෙන ගැටලූ සහ ඊට විසදුම් යෝජනා ඇතුළත් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
පවුල් සංස්ථාව තුළ හා සමාජය තුළ ළමුන් විවිධ අපචාර/අපයෝජන හා අනතුරුවලට ලක්වීම, මුල් ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් මගින් සපයන සේවාවන් ප්‍රමිතියකින් තොරවීම, විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා විවිධ ගැටලූ ආදිය මෙහිදි සාකච්ඡාවට බඳුන් වි ඇති අතර ළමුන් මුහුණ දෙන සෞඛ්‍ය හා සමාජීය ගැටලූ, ආබාධ සහිත ළමුන් සම්බන්ධ ගැටලූ, තාක්ෂණික මෙවලම් අනිසි ලෙස භාවිතය නිසා ඇතිවන ගැටලූ මෙන්ම ළමුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහ යුක්තිය පසිඳලීමේදී ඇතිවන ගැටලූ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.