දඹුලු විහාරාධිපතිගේ ඉල්ලීම අනුවයි තීරණ ගත්තේ
රටේ උරුමයන් ආරක්ෂාකර එම උරුමයන් හරහා විදේශීය ආකර්ෂණය රටට ලබාගැනීමත්, ඒතුළින් ලැබෙන මුදල් තවදුරටත් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට යෙදවීමත් වරදක් වන්නේ කෙසේදැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කළේය.
රංගිරි දඹුලු විහාර සංකීර්ණය තුළ අක්‍රමිකතා සිදුව ඇති බවටත්, එය වහාම සංරක්ෂණය කර පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස්කරන ලෙස එහි විහාරධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියන් මීට මාස කිහිපයකට පෙර තමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ අතර, ඒ අනුව දඹුල්ල විහාරයේ ප්‍රවේශපත්‍ර අලෙවිකිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට ලබාදුන් බවත් අමාත්‍යවරයා කීවේය.
එසේ වුවද හදිසියේ මංගල හිමියන්ගේ තීරණය වෙනස් වූයේ කෙසේදැයි තමා නොදන්නා අතර, රජයට චෝදනා කරන්නේ මන්දැයි අමාත්‍යවරයා විමසීය.
“දඹුල්ලෙන් විශාල ආදායමක් ලැබෙනවා. එහෙම වුණත් දඹුල්ල විහාරස්ථානය වසර ගණනාවකින් සංරක්ෂණය කරලා නැහැ. එතැන විවිධ අත්හදාබැලීම් කරලා. අනවසර ඉදිකිරීම් කරලා තිබෙනවා. මේවට විධිමත් ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. මම දඹුල්ල ලෙන්විහාර පරීක්ෂාකිරීමට ගිය පසු එහි විහාරාධිපති ගොඩගම මංගල හිමියන් මාව හමුවීමට පැමිණියා. එතනදි පැවසුවේ මෙම ස්ථානයේ ප්‍රශ්න තිබෙනවා, දූෂණ සිදුවී තිබෙනවා, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා කිව්වා.
ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමේ හැකියාව මධ්‍යම සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන බව නීතිපතිවරයා පැවසුවා. ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ විදේශීය සංචාරකයන් සඳහා පමණයි. මේතුළින් විශාල ආදායමක් ලැබෙනවා.
අපේ ජාතික උරුමයන් ආරක්ෂා කරනවා, සංරක්ෂණය කරනවා වගේම ඒ ජාතික උරුමයන් විදේශිය සංචාරකයන්ටත් විවෘත කරලා ආණ්ඩුවට ආදායමක් අරගෙන ඒ ආදායම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් යෙදවීම වැරද්දක්ද? මේවිදිහට විරද්ධ වෙන්නේ වෙනත් අරමුණක් වෙනුවෙන්. මට ඒවා මෙතැන කියන්න බැහැ* යැයි කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
