රංගිරි දඹුලු විහාරය වසාදමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට හෝ විදේශීය සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බව රංගිරි දඹුලු රාජමහා විහාරයේ හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර අඹගස්වැවේ රාහුල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11දා) පස්වරුවේ රංගිරි දඹුලු රාජමහා විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
කෙසේ වෙතත් පුරාවිද්‍යා මණ්ඩලය විසින් දඹුලු විහාරය තාවකාලිකව වසා දමා තිබෙන බවට මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළද, අද (11දා) විහාරය විවෘතව පැවැති අතර, දෙස් විදෙස් බැතිමතුන් දඹුලු විහාරය වැඳපුදා ගන්නා අයුරු දැකගත හැකිවිය.