දඹුල්ල රාජමහා විහාරය රජයට පවරා ගැනීමේ කිසිදු යෝජනාවක් නොමැති බවවැඩ බලන පුරාවිද්‍යා අධක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා පැවැසීය.අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී යොමුවූ ප්‍රශ්න හා ඒවාට ලබාදුන් පිළිතුරු කිහිපයක්.
මාධ්‍යවේදියා - දඹුල්ල විහාරය රජය පවරගන්න සූදානමක් තිබුණද?
වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල - නැහැ එහෙම කිසිදු යෝජනාවක් තිබුණේ නැහැ මෙම විහාරය රජයට පවරා ගන්නවා කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහෙම ඉඩම් පවරාගන්න බැහැ. ඉඩම් පවරගන්න රජයේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. එහෙම පන්සල පවරා ගැනීමක් සම්බන්ධයෙන් කිසිදු දිනක අපි ප්‍රකාශ කරලා නැහැ. රංගිරි දඹුලු විහාරය රජයට පවරා ගැනීමක් සිදුකරන්නේ නැහැ.
මාධ්‍යවේදියා - කොච්චර අදායමක් ලැබෙනවද දඹුල්ලෙන් සංචාරක ව්‍යාපාරය හරහා?
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන - අපේ පර්යේෂණ කණ්ඩායම පසුගිය මාර්තු මාසේ දින තුනක නියැදියක් ලබාගෙන සාමාන්‍යයෙන් දෛනික ගණනය කිරීමක් කළා. මාර්තු මාසේ සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණීම ඉතාම අඩු කාලසීමාවක්. නමුත් ඒ කාලයේදීත් වර්තමානයේ රංගිරි දඹුලු විහාරය මගින් විදේශිකයන්ට අලෙවි කරන ටිකට්ිිපතේ මිලට සාපේක්ෂව රුපියල් මිලියන 2.3 - මිලියන 2.5ත් අතර අදායමක් දිනකට ලබනවා. මේ මුදල අපේ ගණනය කිරීම්වලට අනුව එකතු වන අවම මුදල. සැබෑ මුදල මීට වඩා බොහෝ වැඩි විය හැකියි.
මාධ්‍යවේදියා - සංරක්ෂණ කටයුතුවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉවත් වෙන්න කිව්ව හේතුව මොකද්ද?
වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල - අපට කිසිම හේතුවක් වාචිකව හෝ ලිඛිතව දන්වා නැහැ. විහාර පාර්ශ්වයෙන් සංරක්ෂණ කටයුතුවලින් ඉවත් වෙන්න විතරයි කියලා තියන්නෙ.