රන්ගිරි දඹුලු ලෙන් විහාරය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ බලය ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදට බවත් එහි සංරක්ෂණ කටයුතුවලට බාධාකරන ඕනෑම කෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.
කොළඹදී අද (25දා) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේබව ප්‍රකාශ කළහ. 1996 සිට මේදක්වා දඹුල්ල ලෙන් විහාර සඳහා ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමෙන් කෝටි 800 අධික මුදලක් එක් භික්ෂූන්වහන්සේ නමක් යටතට ගෙන ඇති බවද එසේ ලබාගෙන ඇත්තේ සංරක්ෂණයටයෙදවිය යුතුව තිබූ මුදල් බවද උන්වහන්සේ පවසා සිටියහ.
මෙම අක්රමිකතාව නිවැරදි කරමින් ක්‍රමවත්භාවයක් ඇතිකිරීමට සූදානම් වනවාට භික්ෂූන් වහන්සේලා විවිධ අරමුණු ඇතිව එයට විරුද්ධවීම අනුමත කළ නොහැකි බවත් භික්ෂූන්වහන්සේලාගේ විනය පවත්වාගත යුතු බවත් දඹර හිමියෝ පැවසූහ