රන්ගිරි දඹුලු ලෙන් විහාරයන්හි සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වහාම ඉවත් වන ලෙස විහාර පාර්ශ්වය දැනුම් දුන්නද, ඒ සඳහා හේතුවක් ප්‍රකාශ නොකළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 2.5කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බවද හෙතෙම පවසා සිටියේය.
කෙසේ හෝ දඹුල්ල සංරක්ෂණ කටයුතු කඩිනම් කළ යුතුව ඇති බවත්, ඒ සඳහා සියලු පාර්ශ්ව එකඟතාවකට පමිණිය යුතු බවත් අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී ගුණවර්ධන මහතා සඳහන් කළේය.