රටම ආපදාවකට ලක්වී සිටින අවස්ථාවේදී විවිධාකාරයෙන් සිදු කරනු ලබන අනවශ්‍ය වියදම් හා දන්සල් දීමට වෙන් කළ මුදල්, අවතැන්වුවන් වෙනුවෙන් සහන සැලසීමට යොදවන ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය, දයා ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ
විපතකට මුහුණ දී ඇති අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් උපකාර කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් බවත් දානය, පරෝපකාරය වැනි උතුම් ගුණාංගයන් ඉගැන්වූ ශාස්තෘන් වහන්සේ වන බුදුන් වහන්සේගේ තෙමඟුල සැමරීමට සූදානම් වන බෞද්ධයින් ලෙස අප මේ අවස්ථාවේ දී මුළු මහත් ලෝකයටම ආදර්ශයක් ලබා දිය හැකි අයුරින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
නුවරඑළියේ විශේෂ සංචාරයකට සහභාගී වී සිටින අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකළේය.