යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඊයේ (02දා) කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.
මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදු කළේය.
එම සිසුන් විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලින් යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව 1 සිට 13 වසර දක්වා වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.