දක්ෂිණ අධිවේගී මාර්ගයේ 32 Km කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණ අතර, එම මාර්ගයේ ජලය පහව යාම හේතුවෙන් අද (30දා) පස්වරු 01.05ට මාර්ගය නැවත විවෘත කරන ලද බව රථ වාහන පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇතැයි පොලීසිය පවසයි.