ADA
www.ada.lk
2025 ජුනි මස 28 වන සෙනසුරාදා
කොළඹ14, ෆර්ගියුසන් පාරේ පිහිටි කජීමා වත්තේ නිවාස කඩා දැමීම සම්බන්ධව එම නිවාසවල පදිංචිව සිටි ජනතාව ආරම්භකළ උද්ඝෝෂණය අද (17දා) පෙරවරුවේ අවසන් කළේ පොලිස් නිලධාරීන් පැමිණ පාඨලී චම්පික රණවක ඇමතිවරයා සමග 15 දෙනෙකුට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුවය.
එම ප්‍රදේශයේ අප සිදුකළ සංචාරයේදී දැකගතහැකි වූයේ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් නිවාසවල තිබූ බඩුමුට්ටු විනාශවන අයුරින් නිවාස කඩා දමා ඇති ආකාරයයි.තැන තැන තමන්ගේ නිවාස තිබූ ස්ථානවල රැඳී සිටින එම ජනයා සඳහන් කළ ප්‍රධානම කාරණයක් වූයේ ප්‍රදේශය භාර දේශපාලඥයන් කිසිවෙකු මෙතෙක් නොපැමිණි බවයි.
පාසල් යන දරුවන් තමන්ගේ මවුපියන් සමග නිවාසවල සුන්බුන් තිබෙන තැන්වල රැඳී සිටියහ.සමහර නිවාස කඩා දමා තිබුණේ නිවාසවල වැඩිහිටි කාන්තාවන්,කුඩා දරුවන්,ගර්භිණී කාන්තාවන් සිටියදීමය.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිවැසියන් බලහත්කාරයෙන් ඉවත්කළ බවත්,කාන්තාවන්ට පහරදුන් බවත්, වයස අවුරුද්දක දරුවෙකු බිම දමා තුවාල වනපරිදි නිවසක් කඩා දමා තිබෙන බවත්, එම දරුවාට ප්‍රතිකාර ලබාදුන් බවත් ඔවුහු පැවසූහ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මීට පෙර ලබාදුන් පොරොන්දු සිහිපත් කළ එම ජනතාව සඳහන් කළේ ඇමතිවරයාගේ නියෝජිතයෙකු හෝ මේ දක්වා නොපැමිණි බවයි.
පසුගිය මහමැතිවරණයේදී රවි කරුණානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී මියගිය කාන්තාවගේ නිවස සහ එම ප්‍රහාරයේදී පාදයකට වෙඩි වැදුනු තරුණයෙකුගේ නිවසද ඊයෙ කඩා දමා තිබුණි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සලකුණු කළ නිවාස ඉතිරි කරමින් අනෙකුත් නිවාස මෙසේ කඩා දමා තිබේ.කෙසේවෙතත් මේවනවිටත් පාඨලී රණවක මහතා සමග පැවැත්වෙන සාකච්ඡාව අවසන් වී නැත.
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ඊශ්රායෙලයට ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙක් එල්ලා මරා දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd