තීරණය කිසිදු වෙනසක් නැහැ
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ තීරණය කිසිදු වෙනසක් සිදුව නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල පමණක් රජයට පවරාගන්නා අතර, සයිටම් වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස විධිමත් අයුරින් පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළව සහ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් රජය ගත් යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාව අනිද්දා (27දා) කැබිනට් මණ්ඩලයට යොමුකරන බවද කිරිඇල්ල අමාත්‍යවරයා පවසා සිටියේය.
සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සහ ක්‍රමවත්ව පවත්වා ගෙන යෑම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත්කරන අතර, සයිටම් විද්‍යාලයට තනි අයිතිකරුවෙකු වෙනුවට එය කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කළ හැකි මට්ටමක් ඇති කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.
සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් නඩු තීන්දුවක් පවා ඇති අතර, එමෙන්ම මේ මස ඒ පිළිබඳව රජය ගන්නා තීරණ මීට පෙරද ප්‍රසිද්ධ කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

