ඉල්ලීම් තුනක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුව තුළ අද (12දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. මෙම කාලය තුළදී කිසිදු රාජකාරි කටයුත්තක් සිදුනොකරන බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.