ඉල්ලීම් 03ක් මුල්කර ගනිමින් හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ තැපැල් සේවක වර්ජනයක් දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මෙම ගැටලු විසඳන ලෙස 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනයක් දියත් කළ බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
එහෙත් එම ක්‍රියාමාර්ගයට කිසිදු විසඳුමක් බලධාරීන් ලබාදී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.