නව බඳවා ගැනීම් පටිපාටියක් සිය සේවකයින් මත බලෙන් පැටවීමට කටයුතු කර ඇති බවින් තැපැල් දෙපාර්තමේන්තුවේ විසි දෙදහසකට අධික සේවක පිරිසක් අද (12) මධ්‍යම රාති‍්‍රයේ සිට වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළඹීමට තීරණ කර ඇති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු එච්.කේ. කාරියවසම් මහතා පැවසීය.
මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය කිසිසේත් තැපැල් දෙපාර්තමේන්තුවට අනුගත කළ නොහැකි බවයි ඔහු සඳහන් කරන අතර කෙසේවෙතත් මෙම බලෙන් පැටවීම හේතුවෙන් ඉහළ සිටි පහළ නිලධාරීන් සියලුම දෙනාගේ බඳවා ගැනීම්, උසස්වීම් ආදී සියලු කටයුතු ඇන හිට ඇති බවත් හෙතෙම පැවසීය.