තැපැල් සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනයට විසඳුම් ලබාදීම සඳහා බලධාරීන් මෙතෙක් කටයුත කර නොමැති හෙයින් මේ වනවිට තැපැල් කාර්යාල 4063 ක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා තැපැල් පෙට්ටිවලට ලියුම් බහාලීමට ජනතාවට නොහැකි වී තිබෙන බවත්, ජනතාවට ලියුම් බහාලීමට අවස්ථාව තිබෙන්නේ තැපැල් කාර්යාල නොවන ස්ථානවල ඇති ලියුම් පෙට්ටිවලට පමණක් බවත් එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉකුත් 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක නිරත වී සිටිති.