බැංකොක් නුවර පිහිටි භික්ෂූ රෝහල මෙන් රෝහලක් ලංකාවේද ඇතිකළ යුතුබව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. බැංකොක් නුවර පිහිටි භික්ෂූ රෝහල නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී විමෙන් අනතුරුව අමාත්‍යවරයා මේබව කීය.
ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටින අතර එහිදී මෙම රෝහල නීර්ක්ෂණය කර තිබේ. තායිලන්ත රෝහල ආකෘතික ආදර්ශයක් කර ගත හැකි බව ද අමාත්‍යවරයා එහිද පෙන්වාදුන්නේය.