ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය ආයතන වෙත ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුවය.
රාජ්‍ය සේවය තුළ දක්නට ලැබෙන තාක්ෂණික හා වෘත්තීය නිපුණතාවන්ගෙන් හෙබි පුද්ගලයන්ගේ හිඟයට පිළියමක් ලෙස වෘත්තීය හා සුදුසුකම්ලත් සන්නද්ධ සේවා විශ්‍රාමික නිළධාරීන්ගේ සංචිතයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යාමටද තීරණය කර තිබේ.
වසර 22 ක සේවා කාලය සම්පූර්ණ වීම මත හෝ එකම නිළයක රැඳී සිටියහැකි උපරිම කාලය ඉක්මවීම මත ත්‍රිවිධ හමුදාවන්ගෙන් විශ්‍රාම ගන්නා වයස 42 – 45 අතර වන අතර, ඔවුන් තවදුරටත් මනා ලෙස රාජකාරි කළ හැකි පුද්ගලයන්ද වන බැවින් ජාතික සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.