ඊශ්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්වන යෑමට නියමිත 26 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (30දා) ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී සිදු කෙරුණි.
2017 වසරේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකිකයින් 265ක පිරිසක් ඊශ්‍රායෙල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ
මෙහිදී අදහහ් දක්වූ අමාත්‍යවරිය පවසා සිටියේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් තමන්ට නියමිත රැකියා ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු දිවයිනට පැමිණෙන ලෙසත්, ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ඊශ්‍රායෙල් රැකියා රැකගැනීමේ වගකීම මෙරටින් රැකියා සඳහා යන පුද්ගලයන් සතු වන බවත්ය.