තරුණ භික්ෂූන් වහස්සේලා ජාතික, ආගමික ප්‍රශ්නවලට ඇදී යන්නේ ලැබූ අධ්‍යාපනය නිසා
තරුණ භික්ෂූන් වහස්සේලා ජාතික, ආගමික, සමාජීය ප්‍රශ්නවලට තදින් ඇදී යන්නේඉතිහාසය ගැන,ශාසනය ගැන උන්වහන්සේලා ලැබූ අධ්‍යාපනය නිසා බව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ ඊයේ (22දා) පැවසූහ.
ඉතිහාසය ගැන,රජවරු ගැන,රජවරු කළ හොඳ නරක ගැන,වැව් ගැන, හැදූ විහාර ගැන,නිර්මාණය කළ ගංගා ඇළදොළ පිළිබඳ,අදූරදර්ශී රජවරු සිටිකාලවලදී ඇතිවූ විපත්තිය පිළිබඳ අධ්‍යපනය ලැබූ භික්ෂූන් වහන්සේලා විනාශයන් දුටුවිට ඒ සඳහා මැදිහත්වීමට පෙළඹෙන බවත්, කිසිවක් නොකර පැත්තකට වී සිටිනුයේ ඉතිහාසය ගැන නොදන්නා පුද්ගලයන් බවත් මහනායක හිමියෝ අවධාරණය කළහ.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ සාමණේර භික්ෂූන් වහසේලා 320 නමක් කළුතරදී උපසම්පදා කිරීමේ උත්සවය පිළිබඳ දැනුම්දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
“මෙම උපසම්පදාවෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ භික්ෂූන් වහන්සේලා සකස් කරගැනීමයි.වැඩිවශයෙන්ම උපසම්පදා වෙන්නේ අවුරුදු 20-21 වයස්වල ඉන්න ස්වාමීන් වහන්සේලා.අධ්‍යාපනය ලබලා,සමහරවිට සරසවි අධ්‍යාපනයත් ලබලා,ශාස්ත්‍රවේදී ආදී විභාග සමත්වුණු තරුණ භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා.උපසම්පදා භික්ෂූත්වයට පත්වීමෙන් අනතුරුවයි සංඝයා වහන්සේ නමක් වශයෙන් පිළිගැනීමක් සිදුවන්නේ.
උන්වහන්සේලා ඉන් අනතුරුව තව තවත්අධ්යාපනය ලබලා වයස අවුරුදු 35-40 වනවිට රටේ ජනතාවගේ අවශ්‍ය ආගමික වතාවත් ඉටුකිරීමට ඉදිරිපත් වෙනවා.මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව පසුගිය අවුරුදු 2300ක වසරක් පුරාම මේ උපසම්පදා ක්‍රමයත් සංඝයා වහන්සේලාගේ සැලසුමත් දුෂ්කරතා මැද වුණත් සිදුවුණු බව ඓතිහාසික ප්‍රවෘත්තිවලින් දැක්වෙනවා.
ඒ වගේ භික්ෂූන් වහන්සේලාට තමයි රටේ ඉතිහාසය ආගම,ධර්මය,සභ්‍යත්වය,සංස්කෘතිය පිළිබඳ නිසි අධ්‍යාපනයක් දෙන්නේ.ඒ නිසා තමයි භික්ෂූන් වහන්සේලා ශාසනික ප්‍රශ්න පිළිබඳ දැඩි උනන්දුවකින් නිරායාසයෙන්ම ඇදී යන්නේ.භික්ෂූන් වහන්සේලාට ලැබෙන ඉතිහාසය ගැන,රජවරු ගැන,රජවරු කරපු හොඳ නරක ගැන,කරපු වැව් ගැන,හදපු විහාර ගැන,නිර්මාණය කළ ගංගා ඇළදොළ පිළිබඳ,රජවරුන්ගේ කාලවලදී සිදුවුණු දේ පිළිබඳ,අදූරදර්ශී රජවරු හිටියොත් වෙච්චි විපත්තිය පිළිබඳ අධ්‍යාපනය ලැබෙන්නේ ශාසනය පිළිබඳ ඉතිහාසය නිසයි.
ඒ අධ්‍යාපනය නිසයි තරුණ භික්ෂූන් වහස්ලො බෙහෙවින්ම ජාතික, ආගමික සමාජීය සේවා ප්‍රශ්නවලට තදින් ඇදිලා යන්නේ.මේවා දැනෙනකොට ඉන්න බෑ ඉතිහාසය දන්න නිසා.ඉතිහාසය නොදන්නවා නම් මොකුත් නොකර නිකන් ඉන්න තිබුණා.එබැවින් මේ සඟ පෙළපත අනාගතයෙත් මේ රට රැකීම පිණිස යහපත් ගතිපැවතුම් ඇති පිරිසක් බවට පත්කරවීම අපේ ප්රතිපත්තියයි,පිළිවෙළයි.ආගමික ක්‍රමයත් ඒකයි.ඒකට පිටින් පැනලා විවිධ බලවේග ඉදිරිපත් වෙලා සංඝ තලයට අපිරිසුදු කරන අවස්ථාත් එදත් තිබුණා අදත් තිබෙනවා.ඒක බැරෑරුම් ප්‍රශ්නයක්.
ඒනිසා උපසම්පදා ලබන භික්ෂූන් වහන්සේලාටරටේ තත්ත්වය ගැන,අපි පිළිපදින්න ඕන දේවල් ගැන,කාසමගත් එකතුමුතුව ජීවත්වෙන්න ඕන අකාරය ගැන අපි පුහුණුවකුත් දෙනවා.නමුත් සමහර වෙලාවට ඒවාට පිටුපාලා යන ආකාරයකුත් අපට පේනවා.ඒවාට වැටකොටු බැඳීමක් තමයි මෙවන් උපසම්පදාමය ක්‍රියා, රාජ්‍ය නායකයන්ගේ සම්බන්ධතා ඇතිව පැවිදි පක්ෂයේ මහතෙරුන් වහසේලාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන්නේ" යනුවෙන් පවසා සිටියහ.
ජුනි 26 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා කළුතර බෝධිය කේන්ද්‍රකරගෙන කළු ගඟේ ඉදිකළ සීමාමාලයකදී මෙම උපසම්පදා උත්සවය සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
