වැල්ලව තමාරා කේශානි විජේකෝන් දැරිය පැහැර ගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආර්. ඒ. ගුණවතී සහ ප්‍රේමසිරි රාජපක්ෂ යන අය ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් කිරින්දේ මහතා නියම කළේය.
එසේම දැරිය දින දෙකක් කුඹුක්ගැටේ නෙරියාවේ නිවසේ සඟවාගෙන සිටි බව කියන අයි. ඒ. ගාමිණී හෙවත් ග්‍රීස් යකා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. රිමාන්ඩ් භාරයට පත්වූ ගුණවතී, ගාමිණීගේ අම්මාය.