කසළ විධිමත්ම කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිදු විටෙක රජය බැහැර නොවන බවත්, රටේ ණය ප්‍රශ්නයට මෙන්ම කුණු ප්‍රශ්නයටත් කෙටි කාලීන, මැද කාලීන හා දිගු කාලීන විසඳුම් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් රට තුළ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ වනවිටත් දිවයිනේ සෑම පළාතකම කසළ කළමනාකරණය සාර්ථක කරගැනීම සඳහා යන්ත්‍රානුසාරයෙන් කොම්පෝස්ට් සකස් කිරීම සඳහා කොම්පෝස්ට් යන්ත්‍ර 09ක් දිවයිනේ පළාත් 09ක ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් උතුරු පළාතේ සනීපාරක්ෂක බිම් පිරවීමක් සැකසීමට කටයුතු කර ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“නාගරික ප්‍රදේශවල කසළ බැහැර කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති වීම නිසා මේ වනවිට කොළඹ ඇතුළු ප්‍ර‘දේශ කිහිපයක ගැටලු මතුවී තිබෙනවා. ඊට ස්ථිර විසඳුමක් සොයාගැනීම සඳහා මේ වනවිට වැඩපිළිවෙළක් සැකසුම් කරමින් සිටිනවා. එසේම කෙටි කාලීනව ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමටත්, කසළ බැහැර කිරීම අධීක්ෂණය කිරීමටත්, අදාළ පළාත් පාලන ආයතන නිලධාරීන්, පොලීසිය, හමුදාව හා ආයතන නිලධාරීන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත නිලධාරී කොමිටියක් පත්කරනු ලැබුවා.
නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් විසිපහක් සඳහා වැඩසටහනක් දියත් කරනවා. කසළ ප්‍රවාහනය විධිමත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. කොළඹ හා කොළොන්නාව නගර සභාවල දිරන කසළ කොම්පෝස්ට්කරණය සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව මගින්, මුතුරාජවෙල කොම්පෝස්ට් අංගණයක් ස්ථාපිත කර දිනකට ටොන් සියයක ප්‍රමාණයක් කොම්පෝස්ට් කිරීම කරනු ලැබුවා.
පසුගිය වසර දහයක රාජපක්ෂ පාලනය වෙතින් යහපාලනයට උරුම වුණේ ණය කන්දක් හා කුණු කන්දක් පමණයි. රාජපක්ෂලා වගේ අපි පැනලා යන්නේ නෑ, අපි ණය ප්‍රශ්නයට වගේම කුණු ප්‍රශ්නයටත් කෙටි, මැද හා දිගුකාලීන විසඳුම් ලබාදෙනවා" යැයිද පැවසීය.