ඩෙංගු මර්දනය කරන බව පවසා බලධාරීන් අඳුරේ අතපත ගෑම හේතුවෙන් මේ වසරේ ගෙවීගිය කාලයේදී රට තුළින් ඩෙංගු රෝගීන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනවලට අනුව එම ප්‍රමාණය 82000කට ආසන්න බවත්, ඔවුන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළද, නිවැරදි ගණනය කිරීමක් කර නොමැති බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රට තුළ පැතිර යන ඩෙංගු මර්දනය කිරීම සඳහා තම සංගමය රජයට යෝජනා 08ක් ඉදිරිපත් කළ බවත්, එහෙත් ඒ පිළිබඳව මෙතෙක් අවදානය යොමුකර නොමැති බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.