සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අසත්‍ය ප්‍රකාශවලට රැවටී ආණ්ඩුව ඩෙංගු මර්දනය කිරීමේ මැජික් පෙන්වමින් සිටින බවත්, එම ඇමතිවරයාගේ ක්‍රිය කළාපය හේතුවෙන් සයිටම් ප්රශ්නය ඔඩු දුවා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඩෙංගු අධිවසංගත තත්ත්වය බවට පත්ව ඇති මේ මොහොතේදී ඔස්ට්‍රේලියාවෙන් ඩෙංගු කීටයෙකු ගෙන්වා ඩෙංගු මර්දනය කරන බවට මාධ්‍ය සන්දර්ශන පවත්වන බවත්, එම කීටයාගෙන් ඩෙංගු මර්දනය කිරීමට හැකියාව තිබුණා නම් ඔස්ට්‍රේලියාව තමන්ගේ ඩෙංගු ප්රශ්නය මේ වනවිට විසඳා ගන්නා බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මීට අමතරව කියුබාව ඩෙංගු මර්දනය කර ඇත්තේ ඩෙංගු උවදුර පැතිර යාහැකි නිවාස පවා ඩෝසර් කර දමමින් බවට සෞඛ්‍ය අමාත්‍යවරයා කී අසත්‍ය ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
එහෙත් කියුබාවේ එවැනි දේවල් සිදුව නොමැති බවත්, ඔවුන්ට ඩෙංගු මර්දනය කිරීම සඳහා හොඳ යාන්ත්‍රණයක් තිබූ බවද ඔහු සඳහන් කළේය.