යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අමතරව තවත් වැඩසටහනක් කොළඹ අවට ඇති ඩෙංගු උවදුරට තදින්ම ලක්වූ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පුරා සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම මෙහෙයුම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 200 ක්, පොලිස් සාමාජිකයන් 25 ක් සහ මහජන සෞඛ්‍ය පරීකෂකවරු 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 25 ක් එක්ව තිබේ. පළමුව ඩෙංගු අවදානමෙන් පීඩාවට පත් මට්ටක්කුලිය ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සහ මර්දනය කරගැනීම සඳහා කටයුතු කරන ලදී.
එම කණ්ඩායම් 25 ඩෙංගු අවදානමෙන් පීඩාවට පත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙන් වෙන් වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවදානම් ස්ථාන සොයා බලා විනාශ කර දැමීමට කටයුතු කිරීමට නියමිතය.
යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම නව වැඩපිළිවෙළ මේ මස 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහ කොළඹ මහ නගර සභාවේ නියෝජිතයන් සමගින් ඊයේ (01දා) පෙරවරු 7.00 ට පමණ මෙම වැඩපිළිවෙළ ආරම්භ විය.