ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේ සඳහන් කළ මතභේදයට තුඩුදුන් පොරොන්දුවක් වූයේ ඇමෙරිකාව හා මෙක්සිකෝව වෙන් කරමින් තාප්පයක් ඉදිකරන බවයි.
කෙසේ වෙතත් මෙම පොරොන්දුව ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ට්‍රම්ප්ගේ පාලනයට සිදුව තිබේ. ඒ අනුව 2018 වසර සඳහා වන ඇමෙරිකානු අයවැය යෝජනාවලියෙන්ද මෙම කරුණ ඉවත් කර තිබෙන බව වාර්තා වෙයි.
අයවැය යෝජනාවලියෙන් දේශසීමා තාප්පය ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරනවා නම් ඒ සඳහා සහාය නොදක්වන බවට ඩිමොක්රැටික් නියෝජිතයන් පැවසීමත් සමග තාප්පය සඳහා මුදල් වෙන් නොකිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් සඳහන් කරන්නේ, මෙම තාප්පය ඉදිකිරීම සඳහා තමන් තවදුරටත් සහාය දක්වන බවයි.
එසේම මේ වසර අවසන් වනවිට තාප්පය ඉදිකිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීමටත් තමා අපේක්ෂා කරන බව කන්සර්වේටිව් මාධ්‍ය නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබෙන බවත් වාර්තා වෙයි.
බී.බී.සී. ඇසුරෙනි