ඥානසාර හිමියන් ගැන ජනපතිට ලිපියක්
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම ඇතුළු කරුණු 03 ක් පදනම් කරගනිමින් 'ඥානසාර හිමි නිදහස් කරගැනීමේ ජාතික පෙරමුණ' විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් බාරදෙනු ලැබිණි.
කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කළ පාගමනකින් ගොස් මෙම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදුන් අතර, එහිදී පොලීසිය සමග ඇති වූ අරගලකාරී තත්ත්වයක් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.
ඥානසාර හිමියන්ට හා මෙම ගැටලුවට මැදි වී සිටින භික්ෂුන් වහන්සේලාට හා ගිහි පිරිසට හැකි ඉක්මනින් ඇප ලබාගැනීම, අගතියට පත් රණවිරුවන්ට ඇප ලබාගැනීම, මෙම ගැටලුව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයන්ට අගතියක් වී නම් සහන ලබාගැනීම ආදී කරුණුසම්බන්ධයෙන් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.
එමෙන්ම ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ ජාතික පෙරමුණේ කමිටු සාමාජිකයන්ට ජනාධිපතිවරයා මුණගැසී මෙම ගැටලුව විසඳාගැනීමට අවස්ථාවක් ලබාදෙන්නැයිද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

