පාසල, පන්සල, කෝවිල, පල්ලිය තුළින් කිසිදා ජාතිවාදය ඇති වී නොමැති බවත්, ජාතිවාදි ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ යම් යම් දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් නිසා බව අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
සියලුම ආගම් තුළින් සමගිව ජීවත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත්, එහෙත් උතුරේත්, දකුණෙත් යම් යම් දේශපාලඥයන් තම පටු වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා ඒ සමගි සම්පන්න බව නැති කර දමා තිබෙන බවද පවසා සිටියේය.
දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රට පාවා නොදෙන ලෙසත් සිදුකළ යුතු වන්නේ රටට උදාවී තිබෙන නිදහස තුළ රට දියුණු කිරීමට වැඩකටයුතු කිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.
සියලු ජාතීන්ගේ සමගි සංවිධානය වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණන් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ ජාතික සමගිය ගොඩනැගීමේ සම්මන්ත්‍රණයේදී දිගම්බරම් මහතා මේ බව සඳහන් කළේය.