ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇතිකිරිමට වත්මන් රජය ගෙන යන කාර්යභාරය අගය කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම ක්රියාවළිය තවදුරටත් වේගවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉන්දියාවේ නලදිල්ලි නුවරදී අද (26දා) පැවැති සාකච්ඡාවකදී මෝදි මහතා මේ බව පවසා තිබේ. එසේ ශ්‍රී ලංකාවේ තිරසර සාමය ඇතිකිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයද වේගවත් කරන ලෙස දන්වා තිබේ.
මෙහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය - වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලුම් පර්යන්ත, කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවකට ඉන්දීය සහයෝගීතාව ලබාගැනීමට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යටතේ ඉන්දියාව වේගයෙන් සංවර්ධනය වෙන බවත්, එය ශ්‍රී ලංකව වැනි රටවලට වැදගත් කරුණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.