ඉන්දියාව සමග සේවා ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහජන පෙත්සමක් භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම හෙට (13දා) දිනයෙන් ආරම්භ කරන බවත්, එහි පළමු වැඩසටහන හෙට උදේ 12 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී සිදුකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.
දේශපාලඥයන්ගේ හිතුමතේට මීට පෙරත් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කර තිබෙන නමුත් එම ගිවිසුම මගින් ලංකාවට කිසිදු වාසියක් අත් වී නොමැති බවද පවසා සිටියේය.