යාපනය, චාවකච්චේරි, මරවන්පුලව් ප්‍රදේශයේදී නිවසක තිබී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමග යුද උපකරණ රැසක් හමුවීම පිළිබඳ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවය.
ඒපිළිබඳව වැඩිදුරටත් හෙතෙම පැවසුයේ මෙසේය.
ජාතික ආරක්ෂාවයි යම් තැනක බඩු ටිකක් සොයාගත්තා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. යුද සමයේ තැන්තැන්වල දාලා ගියදේවල් තමයි මේවගේ හමුවෙන්නේ. මේවැනි දේවල් දිනපතාම වගේ හමුවෙනවා. පොලීසිය තමයි එවැනි දේවල් සොයන්නේ. මේදේවල් හමුවුණාම ඒවයින් ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය පිළිබඳව ඇස්තමේන්තු කරලා කටයුතු කරනවා. මේසිදුවීම තුළදීත් අපි එහෙමයි කටයුතු කරන්නේ. නමුත් මේමම සිදුවීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් කියලා කවුරුහරු කියනවානම් ඒපිළිබඳ ඔවුන්ගේ දැනුම පිළිබඳ අපිට අවබෝධයක් ගන්න පුලුවන් යැයි ලේකම්වරයා කීය.