ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකයට හානි නොවන විදේශ ආයෝජන සඳහා මේ රටේ ඉඩ ලබා දිය යුතුයැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පැවසීය. එමෙන්ම ඔනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ ප්‍රතිපත්තියක් මත බවත් හෙතෙම පැවසීය.
අද (03) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි සම්බන්ධන් මහතා මේබව කීය.
“ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියා කළ යුත්තේ රජයේ ප්‍රතිපත්තියක් මතයි. තනි තනි පුද්ගලයින්ගේ අවශ්‍යතා මත රජය කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්නේ නැහැ. රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. විදේශ ආයෝජන අපිට නතර කරන්න බැහැ. 1980 දශකයේදී සිංගප්පූරුව තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ විදේශ ආයෝජනවලින්. නමුත් ශ්‍රී ලංකාව එදා විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා සිංගපූරුව දියුණු වුණා. අපිට සංවර්ධනය වෙන්න බැරි වුණා. මෙයින් පාඩමක් ඉගෙන ගෙන දැන් අපි ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකයට හානි නොවන විදේශ ආයෝජන සඳහා මේ රටේ ඉඩ ලබා දිය යුතුයි. අපි පරණතාලේ කථා කියමින් සිටිය යුතු නැහැ.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.