ඇමෙරිකාවේ, නිව්යෝක් නුවරදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය පැවති අතර එහිදී එ.ජා. මහ ලේකම් බැන් කී මුන් සිදුකළ කතාවයි මේ.
එක්සත් ජාතීන්ගේ ඔබ සාදරයෙන් පිළිගනිමු.
ඔබ සමඟ වෙසක් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා මෙතැනට පැමිණීමට ලැබීම ගැන මා සතුටු වෙනවා.
මගේ මව සැදැහැවත් බෞද්ධයෙක්. මම මගේ පවුල තුළින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඉගෙන ගැනීමට තරම් වාසනාවන්ත වුණා. මගේ ජීවිතයේ නැවණැස පෑදිමට ඔවුන් ප්‍රධාන සාධකයක් වුණා.
එ.ජා. පෙර සිටි මහ ලේකම්වරයෙකු වූ යූ තැන්ට් ඉතා හොඳ බෞද්ධයෙක්.
වසර 40 කට පමණ පෙර, ඔහු බුදු දහම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන දේශනයක් පැවැත්වූවා.
මහ ලේකම් තැන්ට්, කර්මය ගැන, සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන බුදු වදන එහිදී කතා කළා.
ඔහු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියෙන් ඉල්ලා සිටින අප එකිනෙකා සමඟ සමාදානයෙන් ජීවත්වීමේ වැදගත්කම මේ තුළින් දෝංකාර දෙන බවයි. මා ඊට සම්පූර්නයෙන් එකඟ වෙනවා.
මහ ලේකම් තැන්ට් ද අවිහිංසාව, පරාථකාමීත්වය හා බෞද්ධ සාරධර්ම වරින්වර අවධාරණය කරන්න වුණා.
මේවා සාමය හා සමාදානය සඳහා වූ මූලිකාංග බව අප සියල්ලන්ම දන්නවා.
අද අපේ අභියෝගය, අද අපේ ලෝකයේ සැබෑ ගැටලු එදා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අනුදැන වදාළා.
බුදු දහම සියලු මිනිසුන් අන්තර් සම්බන්ධිත බව උගන්වනවා.
අප මේ ගෝලීය ගැටලු සඳහා එක්ව මුහුණ දිය යුතුයි. දුප්පත්කම, අවතැන්වීම, විපත්, රෝග, ගැටුම් හා දේශගුණික විපර්යාස සියලු ජාතික දේශසීමා ඉක්මවා යනවා.
අපගේ 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය සියලු ජනතාව සඳහා ගෞරවනීය ජීවිතයක් නිර්මාණය කිරීම අරමුණු කරන්නේ ඒ නිසයි.
දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම සමස්ත ලෝකයටම ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව මා විශ්වාස කරනවා.
ඒ වගේම ඊළඟ සතියේ, අපි සහයෝගය ගොඩ නැගිය යුතු ලෝක මානුෂීය රාජ්‍ය නායක සමුළුව කැඳවීම සිදුකරනවා.
මම ගෝලීය ප්‍රගතිය සඳහා වූ මෙම වැදගත් ජත්‍යන්තර වැයම්වලට සහාය දැක්වීමට බෞද්ධ ඉගැන්වීම් මත යැපෙනවා.
ජාත්‍යන්තර වෙසක් දිනය සියලු මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව පුහුණු වීම සිහිපත් කරනවා.