'ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග' යන තේමාව යටතේ පසුගිය 27දා කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ඊයේ (28දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ්, එහි අධ්යක්ෂ එම්.බී.එම්. සාරූක් යන මහත්වරු ඇතුඑ පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.