ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙවර මැයි දිනයේදී රැලි දෙකක් හා පෙළපාලි දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම රැලි දෙක තේමා දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය. මේ අනුව මේ මස 30 වැනිදා යාපනයේ මුටුවේලි පිටියේදී මැයි දින රැලියක් හා එයට සමගාමීව යාපනයේ දුම්රියපොළ ඉදිරිපිට සිට මැයි දින පෙළපාලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම රැලියේ තේමාව වී ඇත්තේ 'ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය' යන්නය.
අනෙක් මැයි දින රැලිය මැයි 01 වැනිදා බී.ආර්.සී පිටියේදී පැවැත්වෙන අතර, රැලිය දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙහි තේමාව වී ඇත්තේ 'ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජන බලය ගොඩනැගීම' යන්නය.