රට ආර්ථික හා දේශපාලන, සාමාජීය වශයෙන් ගිල ගන්නා ඉට්කා ගිවිසුම පරාජය කිරීමට ජනතා බලවේගයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ලංකාව හා ඉන්දියාව අතර අත්සත් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් ලංකාවේ ආර්ථිකයට කිසිදු වටිනාකමක් එකතු වී නොමැති බවත්, එහි සම්පූර්ණ වටිනාකම ඉන්දියාවට හිමිව තිබෙන බවද පවසා සිටියේය.
ඉන්දීයාව් ශ්රම බළකා වෙළෙඳ පොළ මිලියන 500 ක් බවත්, ඉන් 94% ක් අවධිමත් රැකියාවල නිරත වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙවන් තත්ත්වයක් තුළ සේවා ගිවිසුමක් අත්සන් කළහොත් එහි සම්පූර්ණ වාසිය ඉන්දියාවට අත්වන බවත්, ඉන්පසුව ඉන්දියාව අප රට ආර්ථික හා දේශපාලන සමාජීය වශයෙන් හසුරවන එක අනිවාර්ය බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.