පානීය ජලය තුළ අඩංගු බැර ලෝහ පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවත් ජල පවිත්රාගාර මගින් නිකුත් කරන ජලය පානය කිරීමට සුදුසු බවත් ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අද (06දා) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් පැමිණිලි ලැබේනම් ඒ පිළිබඳව පියවර ගැනීමට සූදානම් බවයි.