ජපානයේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකිකයන් වසරක් පාසා එක්රොක් වන, විනෝද වන, අඩුවක් නොමැතිව සතුටු වන ජපානයේ ශ්‍රී ලංකා උලෙළ මෙවරත් මෙම සති අන්තයේදී (24දා සහ 25දා) යෝයෝගි එළිමහන් උද්‍යානයේදී පැවැත්වේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ පූර්ණ සංවිධායක ශක්තියෙන් 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා උලෙළ මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.
වෙළෙඳ කුටි සහ ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයකින් සමන්විත ශ්‍රී ලංකා උලෙළ ජපානයේ ජීවත් වන ලාංකික මෙන්ම ජපන් වැසියන් අතරද එකසේ ජනප්‍රිය උලෙළකි. තවද ශ්‍රී ලංකා උලෙළ තෝකියෝහි ප්‍රධාන සැණකෙළි අතරට ඇතුළත් වන්නකි.
ශ්‍රී ලංකික කුළු බඩුවල රස පිරි අපූරු අහාර වේලකින් සප්පායම් වෙමින්, ජනප්‍රිය ශ්‍රී ලංකා පොලිස් සංගීත කණ්ඩායමේ මියුරු සංගීතරස විඳීමටත්, පොලිස් සංස්කෘතික කණ්ඩායම ඉදිරිපත් කරන සම්ප්‍රදායික මෙන්ම නව නිර්මාණවලින් මුසු වූ නර්තන රැසක මිහිර විඳින්නටත් ඒ සමගම ලාංකික නිෂ්පාදන අලෙවිසැල් අතර සාප්පු සවාරියේ යෙදෙන්නටත් සැණකෙළි භූමියට පැමිණෙන ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමිවේ.