පසුගිය මාස කීහිපයේදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ශබ්දය නිකුත්වන සයිලන්සර් සවිකර ඇති යතුරුපැදිවලට පමණක් නීතිය ක්රියාත්මක කර ඇතැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
එසේම සයිලන්සර් සවිකර ඇති වාහන වීශාල ප්රමාණයක් මාර්ගවල තිබියදී යතුරුපැදිවලට පමණක් නීතිය ක්රියාත්මක කිරීමෙන් පැහැදිලි වන්නේ ජපන් යතුරුපැදි මර්දනයක් සිදුවෙමින් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.
මෑතක සිට ශබ්දය නිකුත්වන සයිලන්සර් ඇති යතුරු පැදිවලට නීතිය ක්රියාත්මක කිරීමට නියෝග ලබාදුන් නිලධාරීන්ගේ, කමිටුවේ හෝ මණ්ඩලයේ සිටි අයගේ නම් හා තනතුරු ඉල්ලමින් එම සංගමය පොලිස්පතිවරයාටද ලිපියක්ද යොමුකර තිබේ.