ජනාධිපති නීතීඥවරු 25ක් පත්වෙති
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසිපස් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කොට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)ඉ යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කොට ඇත.
මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කොට ඇත්තේ දයා පැල්පොල, ආරිය බී. රැකව, අනුර මැද්දේගොඩ, නිශ්ශංක නානායක්කාර, නෙවිල් අබේරත්න, අනුජ ප්‍රේමරත්න, ඒ.එල්.එම්. හෙදයාතුල්ලා, සමන්ත රත්වත්තේ, විරේරත්න ධර්මසේන, උපාලි සේනාරත්න, පද්ම බණ්ඩාර, මාර්ක් පීරීස්, කරුණාරත්න පීරීස්, මහෙන්ද්‍ර සුවඳරත්න, ඒ.පී.සී.එම්. ජයසේකර, මොහාන් වීරකෝන්, පී.ආර්.එස්.පී. සමරනායක, උපුල් ජයසූරිය, ආනන්ද වික්‍රමසේකර, ජේ.සී. වැලිඅමුණ, එම්.ඒ.සුමන්තිරන්, නිරන්ජන් පෙරේරා, කරුණාදේවගේ විමලදාස, නිසාම් කාරියප්පර් සහ විවේකානන්දන් පුවිදරන් යන මහත්වරුය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

