අඩු ආදායම්ලාභී ජනතාවට සහන පදනම මත තෙමසක් ඇතුළත විදුලිය ලබාදීමේ "රටම එළියයි අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක සේවය මගින් ජනවාරි මස 31 වනදා වනවිට රටම විදුලියෙන් ස්වයංපෝෂිත කරන බවත් ඒ වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත විදුලිබල අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
නිවාස ලක්ෂ දෙකකට පමණ විදුලි අවශ්‍යතාවය ඇති නමුත් ආර්ථික දුෂ්කරතා මත විදුලිය ලබාගැනීමට නොහැකි වූ සියලුම පවුල් සදහා 2016 වර්ෂයේ ජනවාරි 31 වනදා වන විට විදුලිය ලබාදීම අවසන් වන හෙයින් රට විදුලියෙන් ස්වයංපෝෂිත වෙන බවත් අමාත්‍යාංශය කියයි. පළමු පියවර වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජනවාරි 12 දා 100% ක් විදුලිය සැපයෙන බවත් අමාත්‍යාංශය කියයි.