ඒකාබද්ධ විපක්ෂය නමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සංවිධානාත්මක දේශපාලන ප්රචාරක කටයුත්තක නිරතවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් නිමල් බෝපගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි පවතින දෝෂසහිත භාවය කතානායක කරු ජයසූරිය මහතා විසින්ද අවධාරණය කර ඇති හෙයින් එවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ජිවිතයට කර ගන්නා හානියක් බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
එහෙයින් එවැනි අවභාවිතකයට අවස්ථාව ලබාදීම නීතිය ඉදිරියේ බැදීමකට ලක්වීමට (වරදකරුවෙක් වීමට) ඉඩ තිබෙන බවත් එහි සඳහන් වෙයි.
එම නිවේදනයේ මෙසේද වෙයි,
"ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය අහිතකර, හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත වීම වැළැක්විය නොහැකි අතර එමගින් ඔබ නීතිය ඉදිරියේ ප්රතිබන්ධනය වීමටද ඉඩ ඇත."
සම්පූර්ණ නිවේදනය
.jpg)